Friday, April 25, 2025

General line - 0115112241

පක්ෂයෙන් දුරස් වූ පිරිස් නැවතත් එක්කර ගන්නා බව නාමල් කියයි



පසුගිය කාල සීමාව තුළ සිය පක්ෂයෙන් දුරස් වූ පිරිස් නැවතත් එක්කර ගැනීමට මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඉදිරියේදී ප්‍රාදේශීය මට්ටමින් පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය දැඩිව ක්‍රියාත්මක කිරීමට බලාපොරෙත්තු වන බවයි. 


ගොවි ජනතාවගේ පවතින ගැටළු සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හොරොව්පතාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.