අමෙරිකාවේ නිල භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කිරීමේ විධායක නියෝගයකට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.
2000 වසරේදී අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් අත්සන් කරන ලද ඉංග්‍රීසි හැර වෙනත් භාෂා භාවිත කරන පුද්ගලයින්ට අමෙරිකානු රාජ්‍ය ආයතන මඟින් අවශ්‍ය සේවා සැලසීම සඳහා වූ ප්‍රතිපත්තිය එමඟින් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඉංග්‍රීසි භාෂාව අමෙරිකාවේ නිල භාෂාව ලෙස ස්ථාපිත කිරීම මඟින් සන්නිවේදනය විධිමත් කරන බවයි අදාළ නියෝගයේ සඳහන් වන්නේ.
ඒ අනුව අමෙරිකාව තුල වඩාත් කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම එම තීරණය මඟින් සිදුවන බවද එහි දක්වා තිබෙනවා.
මේ වන විටත් ඇමරිකාවේ ප්‍රාන්ත 30කට අධික ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාව නිල භාෂාව වශයෙන් භාවිතා කරනවා.
එහෙත් ඉංග්‍රීසි හැර වෙනත් භාෂා භාෂා භාවිතා කරන පුද්ගලයන් සංඛ්‍යාවේද වර්ධනයක් සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඒ අනුව ඉංග්‍රීසි භාෂාවට හැර ඇමරිකාවේ වැඩි පිරිසක් ස්පාඤ්ඤ භාෂාව සහ අරාබි භාෂා භාවිතා කරන බව එරට සංගණන වාර්තා අනාවරණ කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නියෝගයකට අත්සන් තබා ඇත්තේ එවැනි පසුබිමක් තුළයි.