Tuesday, March 4, 2025

General line - 0115112241

යුක්‍රේනයට යුද ආධාර දීම අමෙරිකාව නතර කරයි



අමෙරිකාව විසින් යුක්‍රේනයට හමුදා ආධාර ලබාදීම අත්හිටුවා ඇති බව ධවල මන්දිර නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ යුක්‍රේන - රුසියා යුද්ධය විසඳීමට දායක වන බව සහතික කිරීම සඳහා මෙම තීරණය ගනිමින් සිටින බවයි.

මේ පිළිබඳ ප්‍රකාශයට පත් වන්නේ රුසියාව සමඟ යුද්ධයේ අවසානය “ඉතා දුර” බව පැවසීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි විවේචනය කිරීමෙන් පැය කිහිපයකට පසුව වීම විශේෂත්වක්.

රුසියාව විසින් මීට වසර තුනකට පෙර හමුදා ආක්‍රමණයක් දියත් කළ දින සිට යුක්‍රේනයට ආයුධ, උපකරණ සහ මූල්‍ය ආධාර ඇතුළුව වැඩිම හමුදා ආධාර ලබාදුන්නේ අමෙරිකාව විසින්.

එහෙත් ට්‍රම්ප් පාලනයට පත් වූ දා සිට යුක්‍රේන - රුසියා යුද්ධය සම්බන්ධයෙන් දරන්නේ වෙනස් ප්‍රතිපත්තියක්.