Wednesday, March 5, 2025

General line - 0115112241

තෙල් බෙදුම්කරුවන් ආණ්ඩුවට එරෙහිව අධිකරණයට

නිරෝෂන්



ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් මතුවුවහොත් නීති මාර්ගයෙන් කටයුතු කරන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම්සිරි සඳනායක මහතා පවසනවා.

ඒ, පැය පහ හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදීයි. 

තෙල් බෙදුම්කරුවන් විසින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩපණ කිරීමේ උත්සහයක නියැලුණු බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුවයි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ.