ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, ඔස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 04කින් පරාජයට පත් කරමින්.
ඒ අනුව 1998 සිට චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව එකිනෙකා මුණගැසුණු තරඟ තුනම ජය ගැනීමට ඉන්දියාවට හැකි වී තිබෙනවා.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි ආකෘති හතරේම අවසන් මහා තරඟයට සිය කණ්ඩායම රැගෙන ගිය පළමු නායකයා බවට ඉතිහාසගත වීමටද ඉන්දීය නායක රෝහිත් ශර්මා මෙහිදී සමත් වුණා.
ඒ, 2023 ටෙස්ට් ලෝක ශූරතාව. 2023 එක්දින ලෝක කුසලානය, 2024 පන්දුවාර 20 ලෝක කුසලානය සහ 2025 ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබමින්.
ඊයේ පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 264ක් පමණයි.
එම ඉලක්කය කඩුලු 06ක්පමණක් දැවී තිබියදී පසුකර යාමට ඉන්දියාව සමත් වුණා. එහිදී විරාත් කෝලි ලකුණු 84ක් රැස් කළා.
ඒ අනුව පකිස්ථානයේ සත්කාරකත්වයෙන් මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වුවද එහි අවසන් මහා තරඟාවලිය ඩුබායිහිදී පැවැත්වෙනු ඇති.
ඒ, ඉනදියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමත් සමගයි.
ඉන්දියාවේ ප්‍රතිවාදියා කවුරුන්දැයි තීරණය කරන දෙවන අවසන් පූර්ව තරඟය අද නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පකිස්ථානයේ ලාහෝර්හිදී පැවැත්වෙනවා.'