Thursday, March 6, 2025

General line - 0115112241

ධීවරයින්ට දුන් ඉන්ධන සහනාධාරය කෝ - මැතිසබයේ උණුසුම් වාද විවාද



අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ ආරම්භ වුණා.

මේ, විවාදය ආරම්භ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා.

ඊට ප්‍රතිචාර දැක්වූ විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ ධීවරයින් සඳහා ලබා දිය හැකි උපරිම ඉන්ධන සහනාධාරය දැනටමත් ලබා දී ඇති බවයි. 

කෙසේවෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර ධීවරයාට ලබා දෙන බවට පොරොන්දු වූ ප්‍රමානයේ සහනාධාරයක් ධීවරයාට ලබා දී නොමැති බවයි.

පසුව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේදී තවදුරටත් පැවැත්වෙන අතර එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.