Thursday, April 17, 2025

General line - 0115112241

ශූරයින්ගේ කුසලානයේ ඉන්දියාවේ ප්‍රතිවාදියා සොයන තීරණාත්මක තරඟය අද



ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරඟය අද ආරම්භ වනවා.

ඒ, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි.

තරඟය පකිස්ථානයේ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතයි.

මෙම රටවල් දෙක එක්දින ක්‍රිකට් තරඟයකදී එකිකෙට මුණගැසෙන්නේ 2017 වසරෙන් පසු පළමුවරටයි. 

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, ඔස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 04කින් පරාජයට පත් කරමින්. 

පකිස්ථානයේ සත්කාරකත්වයෙන් මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වුවද එහි අවසන් මහා තරඟාවලිය ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.

ඒ, ඉනදියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමත් සමගයි.