අත්අඩංගුවට ගත් ඩේසි ආච්චි ලෙස හඳුන්වන ඩේසි ෆොරස්ට්ට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද ඇප හිමි වුණා.
ඒ, ලක්ෂ 50 බැගින් වූ පුද්ගලික ඇප 3ක් මතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩේසි ෆොරස්ට් අත්අඩංගුවට ගනු ලැබුවේ අද පස්වරුවේදීයි.
ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සමග තිබූ ද්විත්ව බැංකු ගිණුමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළවයි ඇය මෙගෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.