සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය හෙට දිනයේ පැවැත්වීමට සූදානම් වූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ, අද පස්වරුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුවට එරෙහිව ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමටයි තීරණය කර තිබුණේ.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනයේ කැඳවා තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය ද තාවකාලිකව අත්හිටුවීමට ඊයේ තීරණය කළා.