මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 08 දෙනෙක්.
මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දිය අසලදී පසුගිය පෙබරවාරි 18 වනදා රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් එකම පවුලේ පියා, පුතා සහ දියණිය ජීවිතක්‍ෂයට පත් වුණා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම පිරිසට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා තිබුණා.
වෙඩිතැබීමෙන් මියගිය යතුරුපැදියේ ගමන්කළ අරුණ විදානගමගේ නොහොත් ”කජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත් වුණා.
ඔහු අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි පැවසෙන්නේ.