Tuesday, May 20, 2025

General line - 0115112241

ගාලු පාරේ මාර්ග ගැටලුවක් පොලීසිය පැය 24න් විසඳයි



පානදුර, හොරෙයිතුඩුව ගාලු පාරේ ජල නල එළීමෙන් පසු නිසි පරිදි මාර්ගය සංවර්ධනය නොකිරීමත් සමග මතුව තිබූ ගැටලුකාරී තත්ත්වය පැය 24ක් තුළ විසඳීමට පානදුර, උතුර පොලිස් ස්ථානාධිපති, පොලිස් පරික්‍ෂක සංජීව ලක්මාල් මහතා මැදිහත් වී තිබෙනවා.

ඒ, නෙත් නිවුස් එම ගැටලුව සම්බන්ධයෙන් කළ දැනුවත් කිරීමකට අනුවයි.

පානදුර, හොරෙයිතුඩුව ගාලු පාරේ ජල නල එළීමෙන් පසු නිසි පරිදි මාර්ගය සංවර්ධනය නොකිරීම හේතුවෙන් රථවාහන තදබදයක් මෙන්ම අනතුරුද සිදුව තිබුණා.