Thursday, March 6, 2025

General line - 0115112241

උතුරට ධීවරයින් එවන්න එපා - ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි



උතුරේ ධීවර ප්‍රජාවට දැඩිව බලපා ඇති ඉන්දීය ධීවරයින් විසින් මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකෑම වැළැක්වීමට පියවර ගන්නා ලෙස එරට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියා සිටියේ එළඹෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මේ පිළිබඳ සාකච්ඡා කළ හැකි බවයි.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ගොවීන්ට මෙන්ම ධීවරයින්ටද නිසි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බවයි.

ධීවරයින් සඳහා නව විශ්‍රාම ක්‍රමයක් හඳුන්වාදෙන බවයි විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ මාලු මිල අඩු කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි.

අයවැය කාරක සභා අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේදී අදත් පැවැත්වෙනවා.