විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. ඔවුන් දෙදෙනා ඩුබායි සිට සහ සාජා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු තුළ විවිධ වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 39,200ක් අඩංගු දුම්වැටි කාටූන් 196ක් එලෙස සොයා ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පැවසුවේ.
එලෙස ගෙනා දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනස් අට ලක්ෂ අසූ දහසක් පමණ වන බවයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, සාජා නුවර මහල් නිවාසයක සේවය කරන 23 හැවිරිදි තරුණයෙක්.