Thursday, March 6, 2025

General line - 0115112241

රිලවු, මොණරු ගනින්න රටටම නිශ්චිත වෙලාවක්



සත්ත්ව සංගණනය සිදු කිරීම සඳහා නිශ්චිත වේලාවක් හඳුන්වාදෙන බව වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අංශයේ අධ්‍යක්‍ෂ, පශුවෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ කළු වඳුරා, රිලවා, මොනරා සහ දඬුලේනා යන සතුන් ගැවසෙන ස්ථානවලදී මෙම සංගනනය සිදු කරන බවයි. 

සත්ත්ව සංගණනයට සුදුසුම ක්‍රමය මෙයද? 

එක් ස්ථානයක එකවර සතුන් වැඩි සංඛ්‍යාවක් සිටිය නොහැකිද? 

වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අංශයේ අධ්‍යක්‍ෂ, පශුවෛද්‍ය තාරක ප්‍රසාද් මහතා කියා සිටියේ මාර්තු 15 වනදා සිදු කරන මෙම සත්ත්ව සංගණනයේදී ලබා ගන්නා දත්ත මත ඉදිරි තීරණ ගැනීමට නියමිත බවයි.