එක හා සමාන ලියාපදිංචි අංක සහිත මෝටර් රථ 02ක් වෙන්නප්පුව පොලීසිය මගින් සිය භාරයට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෝටර් රථයේ ලියාපදිංචි පොත සහ වාහන පැවරුම් අයදුම්පත් සොරාගෙන ඒ වෙනුවට ව්‍යාජ ලියාපදිංචි පොතක් මාරු කර ඇති බවට වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව සිදු කළ විමර්ශනයකදී පුද්ගලයෙකු සන්තකයේ තිබී එම මෝටර් රථයේ ලියාපදිංචි අංකය සහිත අදාළ මොටර් රථයේ වර්ණයෙන් යුත් තවත් මෝටර් රථයක් පොලීසිය මගින් සොයා ගෙන තිබෙනවා.
පසුව එම මෝටර් රථ දෙකම සිය භාරයට ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට මෝටර් රථ දෙක හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත භාර දී තිබෙනවා.