Tuesday, April 29, 2025

General line - 0115112241

ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා සහ නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද විවාදයට



අයවැය කාරක සභා විවාදයේ 08වන දිනය අදයි. ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා සහ නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද දිනයේ විවාදයට ගැනෙනවා.

මේ අතර ඊයේ දිනයේදී විවාදයට ගැණුනේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂයි.

එම විවාදයේ පිළිතුරු කතාව සිදු කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වුවා.

 

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඔසුසැල් ජාලය තවදුරටත් ව්‍යාප්ත කරන බවද එම විවාදයේදී අමාත්‍යවරයා සඳහන් කළා.