Sunday, March 9, 2025

General line - 0115112241

සැකකරුවෙකු නොමැති නීතිවිරෝධී දුම්වැටි සහ මත්පෙති තොගයක් බෝට්ටුවකින් හමුවෙයි

ජූඩ් සමන්ත



මුහුදු මාර්ගයෙන් ගෙනවිත් බෝට්ටුවක සඟවා තිබූ දුම්වැටි සහ මත්පෙති තොගයක් නාවුක හමුදාවේ නිලධාරීන් පිරිසක් විසින් භාරයට ගෙන තිබෙනවා.

කල්පිටිය, ඉලිප්පන්දූව දූපත ආසන්නයේ වෙරළ තීරයේ නවතා තිබූ බෝට්ටුවක තිබී කල්පිටිය කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් එම දුම්වැටි සහ මත්පෙති තොගය සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

එම බෝට්ටුව තුළ විදේශිය රටක නිෂ්පාදනය කරන ලද දුම්වැටි 1 60,000ක් අඩංගු කාටුන් 800ක් සහ වර්ග දෙකකින් යුත් මත් පෙති 22,100ක් තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.

අදාළ දුම්වැටි සහ මත්පෙති තොගය මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද්දේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ කල්පිටිය කඳවුරේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.