දකුණු ආසියාවේ පැරණිතම බාලදක්ෂ ගවේෂණ තරගාවලිය ලෙස සැලකෙන ජේ. ජේ. පී. දෙහිගම අනුස්මරණ ගවේෂණ තරගාවලිය මෙවරත් පසුගිය දා උත්කර්ෂවත් අයුරින් හන්තාන කදු පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම වන පියස් ගවේෂණ චාරිකාව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ බාලදක්ෂයින් විසින් සංවිධානය කර තිබෙනවා.
මෙම බාලදක්ෂ ගවේෂණය වෙනුවෙන් දිවයිනේ සිව්දෙසින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් එක්වී සිටීම ද විශේෂත්වයක් වනවා
හන්තාන කන්ද ගවේෂණයට අමතරව එළිමහන් ක්‍රියාකාරකම් රැසක් ද මනා සෞඛ්‍යාරක්ෂිතව සහ ආරක්ෂිතව මෙම ගවේෂකයින් විසින් සිදුකර තිබෙනවා
මෙවර මෙම ගවේෂණ තරගාවලියේ බාලදක්ෂ ශූරතාවය කොළඹ ආනන්ද විදුහල ලබා ගත් අතර බාලදක්ෂිකා ශූරතාවය ගම්පහ රත්නාවලී බාලිකා විදුහල ලබා ගන්නා ලදී.
එමෙන්ම කුරුණෑගල මලියදේව බාලක විදුහල සහ කුරුණෑගල විශ්වෝද විදුහල ගවේෂණ තරගාවලියේ අනුශූරතාවයන් ලබා ගන්නා ලදී.
36 වන ජේ.ජේ.පී දෙහිගම ගවේෂණ තරගාවලියේ සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස කිංස්වුඩ් විදුහලේ කීර්තිමත් ආධි ශිෂ්‍යයෙක් වන යුධ හමුදාවේ මේජර් ජෙනරාල් සුරේෂ් කුරේ මහතා සහභාගී වූ අතර කිංස්වුඩ් විදුහලේ විදුහල්පති තුමා, ගුරු භවතුන්, ආධි බාලදක්ෂයින් සහ දෙමාපියන් මේ අවස්ථාවට සහභාගී විය