රන්මාල කොල්ලකෑමකට අවශ්‍යව සිටි සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාගම, වැලිපිල්ලෑව නගරයේදී රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
එහිදී හෙරොයින් ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 380ක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
ඉකුත් 05 වනදා රාගම ප්‍රදේශයේ නිවසක් බිඳ කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ 03ක් පමණ වටිනා රන් මාලය කොල්ලකෑමේ සිද්ධියට අවශ්‍යකර සිටි සැකකරු මොහු බවයි සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.