මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කළ මෝසමක් සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයකට භාජනය වී සිටින පියුමි හංසමාලි එම මෝසම ඉදිරිපත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් තම ව්‍යාපාරික කටයුතුවලට අගතියක් සිදුවන බව සඳහන් කරමින්.
පියුමි හංසමාලි සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයෙන් අලෙවි කරන රූපලාවණ්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නිති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කරන බවට චෝදනා කළා.
මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බවයි නීතිඥවරයා පෙන්වා දුන්නේ.
මේ තුළින් සිය සේවාදායිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ඒ අනුව අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළ සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළා.
නීති විරෝධී ලෙස වත්කම් හා දේපළ අත්පත් කරගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පියුමි හංසමාලි මේ වන විට පොලිස් විමර්ශනයකට භාජනය වී සිටිනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පියුම් හංසමාලි විසින් මෑතකදී අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනුකර තිබුණා.
එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පොලිසිය අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබුණේ පෙත්සම්කාර පියුමි හංසමාලි මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවයි.