Sunday, March 9, 2025

General line - 0115112241

ලංගම ගොඩනගන්න සජබ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවේ සහයට එයි



පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ වාහනවල ආසන පටි අනිවාර්ය කිරීම ඇතුළු ආරක්‍ෂක ක්‍රියාමාර්ග රැසක් ගැනීමට අවධානය යොමුව ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අයවැය කාරක සභා විවාදයේ 08වන දිනය වූ අද එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

අද දිනයේ විවාදයට ගැණුනේ ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා සහ නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂයි. 


මෙරට දුම්රිය සේවය ජනතා ආකර්ෂණීය දුම්රිය සේවාවක් බවට පත් කිරීම රජයේ අපේක්‍ෂාවක් වන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා. 


ලංකා ගමනාගමන මණ්ඩලය ගොඩනැගීම සඳහා බස් කර්මාන්තයේ ප්‍රවීණයෙකු වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී කියා සිටියා.


පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා විවාදයට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුව කළ ඉල්ලීම අනුව ඊට සහය ලබා දීමට තමන් සූදානම් බවයි. 


නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.