Wednesday, April 9, 2025

General line - 0115112241

ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන පුද්ගලයින්ට පොලිස් ත්‍යාග මුදල් වැඩි කෙරේ



ගිනි අවි සහ අත්බෝම්බ පොලිස් භාරයට ගැනීමේදී ඒ සඳහා ගෙවනු ලබන පොලිස් ත්‍යාග මුදල් වැඩි කර තිබෙනවා.

ඒ, පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින්.

ඒ අනුව ටී 56 ගිනි අවියක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමේදී අදාළ පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂ 10ක මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමෙන අතර පුද්ගලික ඔත්තුකරුවන්ට රුපියල් හත් ලක්ෂ 50,000ක මුදලක් පිරිනැමෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.