Sunday, March 9, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතු බව ජනපති කියයි



කාර්යක්ෂම හා ඵලදායී ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් රක්ෂණ සංස්ථාව ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරින් සමඟ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් මෙහෙයුම් කාර්යයන් පිළිබඳව මෙහිදී සමාලෝචනයට ලක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පාඩු ලැබුවහොත් එහි සෘජු බලපෑමට ලක් වන්නේ එහි ආයෝජනය කර ඇති ජනතාව වන බැවින් නිසි කළමනාකරණයක් මඟින් එය වඩා ලාභදායී රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යා යුතු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.