අනුරාධපුර රුවන්වැලි මහා සෑ පින් බිමේදී අද පස්වරුවේ ආරම්භ වන මහා පට්ඨාන ධර්ම දේශනය සඳහා මේ වන විටත් සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණ සිටිනවා.
මිණිපුර අමාශාන්ති තපෝවනය සංවිධාන කරන එම ධර්ම දේශනය පූජනීය තපෝවනයේ රතන හිමියන් විසින් සිදු කරනු ලබනවා.
පස්වරු 04යි 30ට ආරම්භ වන මහා පට්ඨාන ධර්ම දේශනය හෙට උදෑසන 06 දක්වා පැවැත්වෙනවා.
එම පිංකම නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ අද පස්වරුවේ සිට හෙට උදෑසන 06 දක්වා සජීවීව ප්‍රචාරය කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම්.
ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ වනවා අනුරාධපුර පූජා භූමියේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.