Sunday, March 9, 2025

General line - 0115112241

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ප්‍රදේශයට බලපෑම්



ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ප්‍රදේශයට බලපෑම් එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වෙරළබඩ ප්‍රදේශයට ගංවතුර ඇති විය හැකි බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

සුළි කුණාටුව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිට බ්‍රිස්බ්‍රේන් දෙසට ගමන් කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ අනුව ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පුදගලයන් මිලියන 4ක පමණ බලපෑමක් සිදුවීය හැකි බවයි එරට රජය පවසන්නේ.

එරට අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් 1,000 කට අධික ප්‍රමාණයක් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් 280 ක් ද තාවකාලිකව වසා දමා තිබෙනවා