ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර මාර්ගගත හමුවක් සිදුව තිබෙනවා.
එම හමුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ ගිවිසුමේ අඩක් සාර්ථකව නිමකර ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු වී තිබෙනවා.
එමෙන්ම, 2022 වසරේ මුහුණ දුන් ව්‍යවසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතවේදීත්වය එහිදී පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව සවිමත් කිරීම, අවදානමට ලක් විය හැකි කණ්ඩායම්වලට සහාය වීම සහ පාලනය ශක්තිමත් කිරීම ආදී අංශවලින් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහිදී කළමනාකාර අධ්‍යක්ෂවරයා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයෙන් ලද සහයෝගය අනුර කුමාර දිසානායක මහතා එහිදී ඇගයීමට ලක් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.