Sunday, March 9, 2025

General line - 0115112241

දේවස්ථානයක් ආසන්නයේ ඩ්‍රෝන කැමරාවකින් ඡායාරූප ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ජූඩ් සමන්ත



තලවිල, ශාන්ත ආනා දේවස්ථානය ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කර ඡායාරූප ලබාගත් බව කියන පුද්ගලයින් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත සහ බිංගිරිය ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.

හලාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ඕස්ටේ්‍රලියාවේ සිට මෙරටට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙර බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර ඡායාරූප ගැනීම සදහා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් බලපත්‍රයක් ලබාගෙන නොමැති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික චතාරික මංගල්‍යය හෙට පෙරවරුවේ හලාවත රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.