Monday, March 10, 2025

General line - 0115112241

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට



මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු කුට්ටිගල පොලිස් වසමේ පදලංගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස් කාලයේදී  අත්අඩංගුවට ගත් මෙම සැකකරු වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බවයි  පොලීසිය සඳහන් කර සිටියේ.

එම සැකකරු අවුරුදු 39ක් වන කුට්ටිගල පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනයට අදාළව සැකකරුවන් 11 දෙනෙකු හා සැකකාරියක මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන්  මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා