Monday, March 10, 2025

General line - 0115112241

දිවුලපිටියට හෙරොයින් බෙදූ තරුණියක් පොලීිසියට කොටුවෙයි

දමිත් තිසර



දිවුලපිටිය ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු 21 හැවිරිදි තරුණියක් දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.        

ඒ, දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

එහිදී එම තරුණිය සන්තකව තිබූ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකාරියගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ වී ඇත්තේ කලක පටන් එම ජාවාරම සිදුකර ඇති අතර ප්‍රදේශ කිහිපයකට මත්කුඩු අලෙවි කර ඇති බවයි.

පොලීසිය පැවසුවේ, ඇය සතුව තිබී පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට අධික වන බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.