Wednesday, April 9, 2025

General line - 0115112241

ශ්‍රීලනිප සාමාජිකයෙක් එජාප අපේක්ෂකත්වය ලබා ගනී 



ගාලු දිස්ත්‍රික්කයේ නියාගම  ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කළ කළුතන්ත්‍රි පටබැඳිගේ සරත් මහතා අද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබාගත්තා

ඒ ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේදී පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතින් 

ඔහු ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නියාගම ප්‍රාදේශීය සභාවට තරඟ කිරීමට නියමිතයි 

කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු මෙන්ම, 2018 වසරේදී ගාලු දිස්ත්‍රික්කයේ නියාගම  ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කර තිබෙනවා