වත්මන් ආණ්ඩුව කෙරෙහි මේ වන විට ජනතාව සිය අප්‍රසාදය පළ කරමින් සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
මේ තුළින් ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව වැඩි වශයෙන් සමගි ජන බලවේගය සමඟ එක්වන බවයි ඔහු පැවසුවේ.
සෑම වෘත්තියකම නියැලෙන ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළා.