Thursday, April 10, 2025

General line - 0115112241

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්



බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් ඊයේ රාත්‍රියේ ගම්පොළ සහ උලපනේ අතරදී පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබෙනවා.

මේ වන විට එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර තවත් පැයක පමණ කාලයකින් එය අවසන් කිරීමට හැකිවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

පීලි පැනීමට ලක් වූ දුම්රියෙහි සිටි මගීන් බස්රථ මගින් පිටත් කර යවා තිබෙනවා.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ගම්පොළ දුම්රිය ස්ථානයේත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේත් නතර කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

කෙසේවෙතත් අද උදෑසන කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත උඩරට මාර්ගයේ දුම්රියන් නියමිත වේලාවට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

එම දුම්රියන් ගමනාන්තයට ළඟා වීමේදී ප්‍රමාදයක් ඇති විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.