Monday, March 10, 2025

General line - 0115112241

දහම් පාසල් අධ්‍යාපනය ඉහළ නැංවීමට රජයේ විශේෂ අවධානය



දහම් පාසල් අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව දහම් පාසල් පවත්වාගෙන යාමට බලපා ඇති ගැටළු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

සාකච්ඡා මට්ටමින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


ඉරිදා දිනවල පෙරවරුවේ උපකාරක පන්ති පැවැත්වීම දහම් පාසල් අධ්‍යාපනය කඩාවැටීමට ප්‍රබල හේතුවක් වී ඇති බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.        

ඒ අනුව එම දිනවල පෙරවරුවේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.

පසුගිය කාලය පුරා පැවති රජයන්  ඒ සම්බන්ධයෙන් කළ මැදිහත්වීම් ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ අනුව වත්මන් රජය හෝ දහම් පාසල් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මැදිහත්විය යුතු බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.