Monday, March 10, 2025

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්තානයේ භූ කම්පන දෙකක් 



ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී තිබෙනවා 

පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ජීවිත හා දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

මේ අතර  අද උදෑසන අසල්වැසි පාකිස්තානයටද රිච්ටර් පරිමාණය 4.2 ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා 

එම භූ කම්පනයද පොළව මතුපිට සිට කිලෝමීටර 27ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ජීවිත හා දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි වාර්තා වෙන්නේ