පිටරටින් ලංකාවට ගෙන එන භාණ්ඩ සඳහා බාධක පැමිණවීම නොව එම භාණ්ඩ සමඟ තරග කළ හැකි දේශීය නිෂ්පාදන වෙළඳපලට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම වඩාත් වැදගත් වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ ගාල්ල ගෝල් ඩි හෝල් ශාලාවේදී පැවැත් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් සඳහා පැවැති “ FACE TO FACE - MEET THE MINISTER ” වැඩසටහනට සහභාගි වෙමින්
මෙහිදී අදහස් දක්වමින් හදුන්නෙත්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම හැකියාව කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි බවත් ලෝකයේ ඉදිරියෙන්ම සිටින සන්නාම රැසක් ශ්‍රී ලාංකිකයින්ගේ දෑතින් නිපදවන බවයි.
මෙම දේශීය ව්‍යවසායකයින් ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට අවශ්‍ය යාන්ත්‍රණය මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ අනුව මෙම වසරේ අපනයන ආදායම ඇමර්කානු ඩොලර් බිලියන තුනකින් වැඩි කර ගැනීම රජයේ ඉලක්කය බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා
කොළඹින් බැහැරව ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙත ගොස් ඔවුන් මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලබාදී නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම “ FACE TO FACE - MEET THE MINISTER ” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.