Tuesday, March 11, 2025

General line - 0115112241

වර්ජනයක් නිසා ජර්මනියේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු වෙයි



ජර්මනිය පුරා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ, වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින් ගුවන්තොටුපළ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන්.

හැම්බර්ග් ගුවන්තොටුපළෙන් ආරම්භ වූ එම වැඩවර්ජනය රට පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

ෆ්‍රැන්ක්ෆර්ට්, මියුනිච්, බර්ලින් සහ අනෙකුත් ප්‍රධාන මධ්‍යස්ථානවල මගීන්ට ගුවන්තොටුපළ වෙත ගමන් නොකරන ලෙසයි ජර්මානු බලධාරින් ඉල්ලා ඇත්තේ.

මේ හේතුවෙන් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු විය හැකි බැවින් පන් ලක්ෂකයට වැඩි පිරිසකගේ ගමන් බිමන්වලට බාධා එල්ලවිය හැකි බව ජර්මානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.