කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩම කළා.
ඒ, එම දෙපාර්තමේන්තුව උන්වහන්සේට කළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ
මේ සම්බන්ධයෙන් රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගෙන් ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගත්තා.