දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ, අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් කරුණු ඉදිරිපත් කරමින්, වහාම අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධික එදිරිසිංහ මහතා විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.
අපරාධ විමර්ශන නිලධාරින් එහිදී පෙන්වා දී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා මේ වන විට ස්ථාන 10ක් පරික්ෂා කර ඇති බවයි. තවත් ස්ථාන 18ක් පරික්ෂා කිරීමට බුද්ධි නිලධාරින් විසින් පරික්ෂණ සිදු කරන බවත් මෙහිදී ප්‍රකාශ කළා.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පළමු වරට නියෝග කළේ පසුගිය 28 වනදායි.
ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම, පැලෑන ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකට අදාළවයි.