Wednesday, March 12, 2025

General line - 0115112241

නව අභියාචනාධිකරණ විනිසුරන් තිදෙනෙක් දිවුරුම් දෙති 



අභියාචනාධිකරණයට නව විනිසුරන් තිදෙනෙක් පත් කර තිබෙනවා 

ඔවුන් අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නා.

ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර,  කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.