Tuesday, April 15, 2025

General line - 0115112241

සෞඛ්‍ය ක්ෂේත්‍රය රත් කළ අනුරාධපුර වෛද්‍යවරිය කෙළෙසූ සැකකරු සොයා පුළුල් මෙහෙයුමක්



අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් අද වර්ජනයක් ආරම්භ කළා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි. 

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ දිනයේ තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා ලබාදී තිබෙන නේවාසිකාගාරයට ගොස් තිබෙනවා.

පසුව නාඳුනන පුද්ගලයෙකු පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බවටයි වාර්තා වන්නේ. එම සිද්ධිය සිදුව ඇත්තේ පස්වරු 06.30ත් 07.00ත් අතර බවටද වාර්තා පළ වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා. මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.


මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදවා ඇති බවයි.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද රජයෙන් ඉල්ලා සිටින්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි.

 

සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, උතුරුමැද පළාතේම වර්ජනයක් සිදුකරන බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා ඇත්තේ. 

මේ අතර සිය උපකාරක පන්තියකට සහභාගී වූ සිසුවෙකුට සිසුවියක් ලවා වේවැල් කිහිපයකින් පහරදෙන සිද්ධියකට අදාළ වීඩියෝවක් ද මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ජාතික ළමාරක්ෂණ අධිකාරිය පැවසුවේ සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු සිදු කරමින් සිටින බවයි.