සිය උපකාරක පන්තියකට සහභාගී වූ සිසුවෙකුට සිසුවියක් ලවා වේවැල් කිහිපයකින් පහරදෙන උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය පවසනවා.
එහෙත් ඔහුට ඊයේ පස්වරු 02ට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද සැකකාර ගුරුවරයා පැමිණ තිබුණේ නැහැ.
ඒ අනුව ඔහු සම්බන්ධයෙන්ද ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය තීරණය කර ඇත්තේ.
සිය උපකාරක පන්තියකට සහභාගී වූ සිසුවෙකු දණගස්වා මෙම සැකකාර ගුරුවරයා විසින් සිසුවියක් ලවා වේවැල් කිහිපයකින් පහරදෙන සිද්ධියකට අදාළ වීඩියෝව මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා.
ඒ අනුවයි ජාතික ළමාරක්ෂණ අධිකාරිය මෙම සැකකාර ගුරුවරයා සම්බන්ධයෙන් පරික්‍ෂණ ආරම්භ කර ඇත්තේ.