පකිස්ථානයේ බලුකිස්තාන් කලාපයේ සන්නද්ධ සටන්කාමීන් විසින් පැහැරගත් දුම්රියේ සිටි මගීන් 300කට වැඩි පිරිසක් බේරා ගත් බව එරට හමුදාව පවසනවා.
ඒ, පැය 30කට අධික හමුදා මෙහෙයුමකින් පසුවයි.
පැහැරගත් දුම්රියේ සිටි මගීන් සංඛ්‍යාව 440ක්. ඒ අතර සිටි 100කට වැඩි පිරිසක් හමුදා සාමාජිකයන්.
මෙහෙයුමේදී සටන්කාමීන් 33දෙනෙකු මිය ගිය බව පකිස්ථාන හමුදාව පවසනවා.
මෙහෙයුම ආරම්භ වීමට පෙර හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ සටන්කාමීන් ප්‍රාණ ඇපකරුවන් 21 දෙනෙකු සහ හමුදා නිලධාරීන් 04 දෙනෙකු ඝාතනය කර ඇති බවයි.
තවත් මගීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන සටන්කාමීන් විසින් වෙනත් ප්‍රදේශයකට රැගොන ගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.
එහෙත් එම පිරිස කොපමණදැයි මෙතෙක් තහවුරු වී නැහැ.
බලුච් විමුක්ති හමුදාව නමින් හඳුන්වා ගන්නා සන්නද්ධ සටන්කාමීන් කණ්ඩායමක් මෙලෙස පහරදී තිබුණේ පකිස්ථානයේ ක්වෙටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබූ දුම්රියකටයි.
බලධාරීන් පැය 48ක් ඇතුළත බලුච් දේශපාලන සිරකරුවන් නිදහස් නොකළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවටයි සටන්කාමීන් තර්ජනය කර තිබුණේ.