Tuesday, April 15, 2025

General line - 0115112241

වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුගේ සහෝදරියත් අත්අඩංගුවට



අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ සහෝදරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සැකකරුට සැඟව සිටීමට උපකාර කිරීමේ චෝදනාව මතයි.

එමෙන්ම සැකකරු විසින් කොල්ලකන ලද දුරකතනය ළඟතබා ගත් බවටත් මෙම සැකකාරියට චෝදනා එල්ල වනවා. ගල්නෑව, නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

ඒ, අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකාරිය 37 හැවිරිදි වියේ පසුවන ගල්නෑව ප්‍රදේශයේ පදිංචි බවද පොලීසිය පැවසුවා. 

මේ අතර වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ දිනයේ ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු ගල්නෑව පොලීසිය විසින් ඊයේ පස්වරුවේ අනුරාධපුර පොලීසිය වෙත භාර දුන්නා.