Wednesday, May 28, 2025

General line - 0115112241

බුස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙකුට වෙඩි



ගාල්ල, අක්මීමන තලගහ, ඉහළගොඩ ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් 61 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වූ සිරිදත් ධම්මික මහතායි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.

ඒ පිළිබඳ තවත් තොරතුරු එම ස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්.