Wednesday, April 16, 2025

General line - 0115112241

සංගක්කාරගේ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම අද අවසන් පූර්ව සටනට



2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, කුමාර් සංගක්කාර නායකත්වය දරන ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ බ්‍රයන් ලාරා නායකත්වය ලබා දෙන වෙස්ට් ඉන්ඩීස් මාස්ටර්ස් කණ්ඩායම අතරයි.

ජායිපූර්හිදී පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07යි 30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

මෙම තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

ඒ ඉන්දියා මාස්ටර්ස් සහ ඕස්ටේ්‍රලියා මාස්ටර්ස් කණ්ඩායම අතරයි.

මෙම තරඟයෙන් ලකුණු 94ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 220ක් රැස් කළා.

යුවරාජ් සිං පන්දු 30කදී ලකුණු 59යි.

නායක සචින් ටෙන්ඩුල්කාර් පන්දු 30කදී ලකුණු 42ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ්‍රලියා මාස්ටර්ස් කණ්ඩායමට පන්දුවාර 18යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 126ක් පමණයි.

ඒ අනුව ලබන ඉරිදා ජායිපූර්හිදී පැවැත්වෙන මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.