Tuesday, April 15, 2025

General line - 0115112241

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට



බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා.

ඒ, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින්.

එම වාර්තාව සභාගත කරමින් සභානායකවරයා කියා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටද යෝජනා කරන බවයි.

එමෙන්ම එම වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමටද යෝජනා කරන බවයි සභානායකවරයා එහිදී කියා සිටියේ.