Tuesday, April 15, 2025

General line - 0115112241

වන සත්ත්ව සංගණනයට මන්ත්‍රී චාමර පාර්ලිමේන්තුවෙන් නිවාඩු ඉල්ලයි



අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය 13 වන දිනටත් මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

අද දිනයේ විවාදයට ගැනෙන්නේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.

විවාදය ආරම්භ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අදහස් පළ කළා. 

ඉන් අනතුරුව විවාදයට එක්වුණේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතායි.

විවාදයට එක්වූ පාරලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා හෙට දිනයේ පැවැත්වීමට නියමිත වන සත්ත්ව සංගණනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා. 

අයවැය විවාදයේ තවත් තොරතුරු සවස 06යි 45 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.