ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු හේතුවෙන් අද දිනයේ සිට රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.
ඒ, එම සංගමයේ ලේකම් සුදක්ෂි තිලකරත්න මහත්මිය මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිය සංගමය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
එහි සම සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත වන සත්ත්ව සංගණනයටද ග්‍රාම නිලධාරීන් උපරිම සහය ලබා දෙන බවයි.
කෙසේවෙතත් ග්‍රාම නිලධාරිනියකට පහර දීමේ සිද්ධියක් මුල් කරගනිමින් ලබන සඳුදා දින ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.