Thursday, April 17, 2025

General line - 0115112241

යුරෝපා මත්පැන්වලට සියයට 200ක බදු පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්



යුරෝපා සංගමය මඟින් අමෙරිකාවට ආනයනය කෙරෙන ඕනෑම මත්පැන් වර්ගයක් සඳහා සියයට 200ක තීරු බද්දක් පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අමෙරිකාව සහ ලොව රටවල් රැසක් අතර උත්සන්න වෙමින් පවතින වෙළඳ යුද්ධයේ නවතම තත්ත්වයක් ලෙසයි.

අමෙරිකාවට ආනයනය කෙරෙන සියලුම වානේ සහ ඇලුමිනියම් සඳහා තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර තීරණය කළා.

ඊට ප්‍රතිචාරයක් ලෙස අමෙරිකාවේ නිෂ්පාදිත විස්කි ආනයනය සඳහා සියයට 50ක බද්දක් පැනවීමට යුරෝපා සංගමය සැලසුම් කර තිබෙනවා.

යුරෝපා සංගමය එවැනි බද්දක් පැනවුවහොත් ඊට ප්‍රතිචාරයක් ලෙසයි යුරෝපයෙන් අමෙරිකාවට ආනයනය කෙරෙන ඕනෑම මත්පැන් වර්ගයක් සඳහා සියයට 200ක තීරු බද්දක් පනවන බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව  සියයට 200ක තීරු බද්දක් පැනවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

යුරෝපා සංගමය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත විස්කි සඳහා සියයට 50ක බද්දක් පැනවීම හේතුවෙන් මෙම තිර්රණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

මීට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඇමරිකානු විස්කි සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කරන ලෙසට යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

කෙසේවෙතත් එම තත්වය සාකච්ඡා කිරීම සඳහා ඇමරිකාව සහ යුරෝපා සංගමය අතර සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.