Monday, April 14, 2025

General line - 0115112241

කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හෙට හදිසි නඩත්තු කටයුත්තක්



කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සඳහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 10 සිට අනිද්දා පෙරවරු 06 දක්වා එම මහා මාර්ගය වසා තැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 65 දම්වැල් 64 ස්ථානයේ පිහිටි කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ මෙම හදිසි නඩත්තු කටයුතු සිදු කෙරෙනවා.

මෙම කාලසීමාව තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දුන්නේ.